ශිෂ්‍යත්ව විභාග පෙත්සම්වල තීන්දුව 31වැනිදා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

ශිෂ්‍යත්ව විභාග පෙත්සම්වල තීන්දුව 31වැනිදා

ශිෂ්‍යත්ව විභාග පෙත්සම්වල තීන්දුව 31වැනිදා

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අවසන් කළේය.

 

ඒ අනුව එහි තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

 

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් පුරා දින තුනක් තිස්සේ විභාගයට ගැණුනි.

 

ඒ අනුව පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ සියලුම නීතිඥවරුන්ගේ වාචික දේශන ඉදිරිපත් කිරීම අද සවස අවසන් විය.

 

ඉන් අනතුරුව ලිඛිත දේශන තිබේනම් ඒවා හෙට (19) පෙ.ව. 9.00 පෙර ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

 

ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ තීන්දුව ලබන 31  වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

views

141 Views

Comments

arrow-up