ආනයනික සහල් පාලන මිලට දෙන්න ආනයනකරුවන් කොන්දේසි දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

ආනයනික සහල් පාලන මිලට දෙන්න ආනයනකරුවන් කොන්දේසි දමයි

ආනයනික සහල් පාලන මිලට දෙන්න ආනයනකරුවන් කොන්දේසි දමයි

ආනයනික සහල් සඳහා පනවා ඇති තීරු බද්ද රුපියල් 15කින් අඩු කරන්නේ නම් උපරිම මිල යටතේ සහල් සිල්ලරට අලෙවි කිරීම සදහා ලබා දීමට හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවසුවේ ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 220කට ආසන්න මුදලකට ලබා දීමට ආනයනකරුවන්ට හැකි බවය.

 

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවසුවේ එම සහල් තොග වෙළදපොළට පැමිණෙන විට බෙදාහැරීම් ජාලය සඳහා කිලෝවකට සියයට 8ත් 10ක අතර ප්‍රමාණයක වියදමක් දැරීමට සිදුවන බවය.

views

109 Views

Comments

arrow-up