හන්තාන නැරඹීමට ගොස් අතරමංවූ සිසුන් පිරිසක් මුදා ගනී

හන්තාන කන්ද නැරඹීමට ගොස් අතරමං වී කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් මුදා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්වී ඇත.
වයස අවුරුදු 16ත් 17ත් අතර පසුවන මෙම සිසුන් පිරිස හන්තාන කන්ද නැරඹීමට ගොස් එය තරණය කර පසුව එහි අනාරක්ෂිත ප්‍රදේශයක් නැරඹීමට ගොස් තිබේ.
එහිදී එක් අයෙකුගේ කකුලේ ඇති වු මස්පිඬු පෙරළීමක් හේතුවෙන් හා පැවති මීදුම හේතුවෙන් මාර්ගය සොයා ගැනීමට අපහසු වී නැවත පැමිණීමට නොහැකිව අතරමංවී ඇතැයි යුද හමුදාව පවසයි.
මේ සම්බන්ධයෙන් යුද හමුදාවේ භට පිරිස් වෙත සැලවීමෙන් පසු එම පිරිස ආරක‍්ෂිතව මුදා ගැනීමට 111 බලසේනා මුලස්ථානය හා 2 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව ඊයේ රාත්‍රී 8ට පමණ මෙම සිසුන් මුඳවා ගැනීම ආරම්භ කර ඇති අතර අද අලුයම් කාලය වන විට එම සිසු පිරිස ආරක්‍ෂිතව පහළට රැගෙන ඒමට යුද හමුදා භට පිරිස් කටයුතු කළ බවද යුද හමුදාව සඳහන් කරයි.
141 Views
Comments