වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට එල්ලවූ කියත් ප්‍රහාරයකින් දෙදෙනෙකු රෝහලට

පූඩළුඔය, කෙලණිය ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමක් සිදුව ඇත.
නීතිවිරෝධී මත්පැන් පිළිබඳව පොලිසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඇති අරත එහිදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 01 මිලිලීටර් 130ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවස්ථාවේ දී සැකකරු වැටලීමට සහභාගීවු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට දම්වැල් කියතකින් පහරදී තුවාල සිදුකර ඇති අතර නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පූඩළුඔය සහ නාවලිපිටිය රෝහල් වලට ඇතුළත් කර ඇත.
පහරදීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 48ක් වු පූඩළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
733 Views
Comments