සංගීතය රෑ 10ට නවත්වන්න කී හෝමාගම පොලිසියට ගල් ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

සංගීතය රෑ 10ට නවත්වන්න කී හෝමාගම පොලිසියට ගල් ප්‍රහාරයක්

සංගීතය රෑ 10ට නවත්වන්න කී හෝමාගම පොලිසියට ගල් ප්‍රහාරයක්

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හෝමාගම ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් රාත්‍රී දහයෙන් පසු නීතිප්‍රකාරව නතර කරන ලෙස පොලිසිය කළ දැනුම්දීම ප්‍රතික්‍ෂේප කළ පිරිසක් පොලිස් නිලධාරීන්ට ගල්මුල්වලින් පහරදීමේ සිද්ධියක් පිළිබඳව හෝමාගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

 

මේ අනුව එම සංගීත සංදර්ශනය සංවිධානය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසියේ ප්‍රකාශකයෙක් පැවැසීය.

 

මෙම සංවිධායකයන් පොලිසියේ දැනුම්දීම පැහැරහැර සංගීත සංදර්ශනය රාත්‍රී එකොළහ වෙනතුරු පවත්වා ඇත.

 

මෙම පහරදීම නිසා පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබූ බව ද පොලිසිය කියයි.

views

52 Views

Comments

arrow-up