ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ රියදුරන් සම්බන්ධයෙන් බලධාරීන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද ?

සිය රාජකාරී කාලය තුළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ රියදුරන් නොමනා ක්‍රියාවන් සිදුකරන බවට අද (30) දිනයේ තොරතුරු අනාවරණ විය.
ගිලන්රථ රියදුරන් සෑමවිටකම සූදානමින් සිටීම අනිවාර්ය කරුණකි.
එවන් පසුබිමක බොහෝමයක් රෝගී ජනයා ප්‍රතිකාර ලබන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ රියදුරන්, බීමතින් තම රාජකාරිය පැහැර හරින බව එහි සේවකයින්ගෙන් තොරතුරක් ලැබුණි.
එම තොරතුරු මත රෝහලේ පරීක්ෂාවකට එක් වූ පරීක්ෂකවරුන්ට දැකගත හැකිවුයේ ගිලන්රථ රියදුරන් තමන්ට රිසි ඇඳුමකින් සැරසී කැරම් ක්‍රීඩා කරමින් සිටින ආකාරයයි.
ඔවුන් නියමිත නිල ඇදුම පවා ඉවත් කොට සිටින ලදී.
මෙම රියදුරන් රාත්‍රී කාලයේදී බීමතින් ඉතා කලහකාරී ලෙස රෝහල තුළ හැසිරෙන බව තවත් රෝහල් සේවිකාවක් ආනාවරණය කළාය.
රෝහලේ පරීක්ෂාවට යනවිටත් බීමත් ගිලන්රථ රියදුරන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දක්නට ලැබුණි.
ගිලන්රථ රියදුරන්ගේ නිල නිවසට යාබදව රෝහල් අධ්‍යක්ෂවරයාගේ නිල නිවස පිහිටා ඇති බව තව දුරටත් සඳහන් වේ.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
322 Views
Comments