අහස උසට නගින අමු මිරිස් මිල

අද දිනයේ එළවළු වෙළෙඳ පොළ තුල අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමු මිරිස් කිලෝවක තොග මිලද රුපියල් 800 - 900 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දුන් සඳහන් කරයි.
පසුගිය සතිවලදී අමු මිරිස් කිලෝවක් රුපියල් 350 ත් 500 ත් අතර මිලකට අලෙවි කෙරිණු අතර එළවළු වෙළෙඳ පොළට සැපයෙන අමු මිරිස් තොග ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ඉදිරි දිනවලදී අමු මිරිස් මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි බවද එළවළු වෙළෙඳ පොළ ආරංචිමාර්ග සඳහන් කරයි.
525 Views
Comments