රජයට සල්ලි නෑ.. පටි තව තද කරයි.. වියදම් උපරිමේට කපන්න කැබිනට් පත්‍රිකාවක්

රාජ්‍ය වියදම් සීමා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන වෙත පනවා ඇති රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.
මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
එ අනුව 2022 විසර්ජන පනතේ සඳහන් සීමා තුළ අමාත්‍යංශ සිය වියදම් කළමනාකරණය කරගත යුතු වන අතර අමතර ප්‍රතිපාදන සඳහා ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතු යැයිද උපදෙස් ලබාදී ඇත.
ඒකාබද්ධ අරමුදලින් ඉන්ධන දීමනා ගෙවනු ලබන අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත ගෙවනු ලබන ඉන්ධන දීමනාවෙන් මසකට ලීටර් 05ක් හෝ ඒ හා සමාන මුදල් ප්‍රමාණයක් අඩු කිරීමටද උපදෙස් ලබාදී තිබේ.
විදුලිබල වියදම් 10%කින් අඩු කිරිම සඳහා ක්‍රමවේද සකස් කිරිමට නියමිත අතර දැනට ඉදිවෙමින් පවතින කාර්යාල ගොඩනැගිලි සහ නව කාර්යාල ඉදිකිරීම අයවැය යෝජනා මගින් යෝජිත පරිදි වසර දෙකක කාලයකට අත්හිටුවා ඇත.
2022 වර්ෂය සඳහා රජයේ ආයතන වලට වාහන මිලදී ගැනීම අත්හිටුවා තිබේ.
ආයතනයේ මනා පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය තනතුරුවල පුප්පාඩු පිරවීම සඳහා හැර ඒකාබද්ධ අරමුදලින් විදයම් දරන්නට වන ආයතන සඳහා නව කාර්යමණ්ඩල බඳවා ගැනීමද අත්හිටුවා තිබේ.
එමෙන්ම 2022.-01.12 දිනැති රාජ්‍ය මුදල් චක්‍ර ලේඛය ක්‍රියාත්මක කිරීම තුළින් දුරකතන වියදම් පාලනය කිරීමට ද නියමිත අතර 2021 පනත 6(01) වගන්තිය අනුව නව කාර්යන් සඳහා අමතර ප්‍රතිපාදන ඉල්ලීම් ඉදිරිපත් නොකිරීමටද උපදෙස් දී ඇත.
747 Views
Comments