උතුරු වෙරළට දින දින ගොඩ ගසන අභිරහස් මළ සිරුරු
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

උතුරු වෙරළට දින දින ගොඩ ගසන අභිරහස් මළ සිරුරු

උතුරු වෙරළට දින දින ගොඩ ගසන අභිරහස් මළ සිරුරු

උතුරු පළාතේ වෙරළ කළාපයට පසුගිය දින 10 ඇතුළත ගොඩගැසු මළ සිරුරු 06ක් තවමත් හඳුනාගත නොහැකිව ඇතැයි මළ සිරුරු හමුවු පොලිස් බල ප්‍රදේශයන්හි පොලිස් ස්ථාන පවසයි.

 

යාපනය, පේදුරුතුඩුව පොලිස් බල ප්‍රදේශයේ වෙරළට මළ සිරුරු දෙකක්, මරුදන්කේනි පොලිස් බල ප්‍රදේශයේ වෙරළට මළ සිරුරක්, වැල්වැටිතුරෙයි පොලිස් බල ප්‍රදේශයේ වෙරළට මළ සිරුරක්, කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ වෙරළට මළ සිරුරක්, ඩෙල්ෆ් පොලිස් බල ප්‍රදේශයේ වෙරළට මළ සිරුරක් ලෙසට මළ සිරුරු හයක් වෙරළට ගොඩගසා තිබුණි.

 

එම මළ සිරුරු මේ දක්වා හදුනාගැනීමට නොහැකිව තිබෙන අතර ඒවා යාපනය හා පේදුරුතුඩුව රෝහල් මෘත ශරීරාගාරවල තැන්පත් කොට ඇත.

 

යාපනය ආරක්ෂක අංශ සඳහන් කරන්නේ කිසියම් බෝට්ටු අනතුරකින් ජිවිතක්ෂයට පත්වු පිරිසකගේ මළ සිරුරු මෙලෙස හමුවන්නට ඇති බවට සැකයක් පවතින බවයි.

 

හමුවු මළ සිරුරු දින ගණනාවක් මුහුදේ පාවීමෙන් පසු වෙරළට ගොඩ ගසා තිබීම නිසා මළ සිරුරු නරක් වී පැවති බවද පොලිසිය කියයි.

 

සිද්ධීන් සම්බන්ධයෙන් පේදුරුතුඩුව, වැල්වැටිතුරෙයි, මරුදන්කේනි, කයිට්ස් හා ඩෙල්ෆ් පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

views

3782 Views

Comments

arrow-up