ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට නැදුමාරන් එකහෙළා කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට නැදුමාරන් එකහෙළා කියයි

ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට නැදුමාරන් එකහෙළා කියයි

ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පී නැදුමාරන ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජීවත් වන දමිළ ජනයාට නව බලාපොරොත්තුවක් එක් කරන්නට එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවට නිසි සාක්ෂි ලැබුණු විගස එය මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

 

නැදුමාරන් විසින් දෙමළ ජාතික නායක ප්‍රභාකරන් පිළිබඳ සත්‍යය ප්‍රකාශ කිරීමට සතුටු වන බවත්, ඔහු පිළිබඳ මෙතෙක් කල් පැතිර ගිය දුර්මත අදින් අවසන් කරන ලෙසත් ලෝක වාසීන්ගෙන් ඉල්ලා සිටි අතර, ප්‍රභාකරන්ගේ මියගිය සිරුරේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ නමුත් ඔහු මියගොස් නැති බව තරයේ කියා සිටියේය.

views

296 Views

Comments

arrow-up