බස් දෙකේ ලීසීං වාරික ගෙවන්න සල්ලි හොයාගන්න බැරිව කසිප්පු පෙරළා

තමන් සතු බස් රථ දෙකක ලීසිං වාරික ගෙවීම සදහා කසිප්පු ජාවාරමක නිරත පුද්ගලයෙකු හෝමාගම, නියඳගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසයි.
එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරු සතුව තිබූ ගෝඩා මිලිලීටර් 1,152,000ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
හෝමාගම පොලීසියට ලද තොරතුරක් මත එහි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික අජන්ත ප්‍රභාකර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සෝදිසි කිරීමේදී එහි වෙල්යායක නියරවල් මත ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ ගෝඩා බැරල් පහක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.සැකකරු සතුව මාර්ග අංක 138 හෝමාගම, පිටකොටුව මාර්ගයේ දිවෙන බස් රථ දෙකක් තිබෙන බවත් එම බස් රථවල කල්බදු වාරික ගෙවීමට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට මොහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
250 Views
Comments