අනියම් සැමියන් රැසක් සමඟ දීග කෑ කත අනියම් සැමියෙකුගේ පිහි පහරින් අවසන් ගමන් ගිය හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
12

අනියම් සැමියන් රැසක් සමඟ දීග කෑ කත අනියම් සැමියෙකුගේ පිහි පහරින් අවසන් ගමන් ගිය හැටි

අනියම් සැමියන් රැසක් සමඟ දීග කෑ කත අනියම් සැමියෙකුගේ පිහි පහරින් අවසන් ගමන් ගිය හැටි

බුලත්සිංහල ප්‍රදේශයේ ජීවත් වූ 58 හැවිරිදි කාන්තාවක ඇයගේ අනියම් සැමියා විසින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

 

මෙම අනියම් සැමියා 60 හැවිරිදි වියෙහි පසු වන අතර මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඇයව මීට අවුරුදු 15 කට පමණ ඉහත දී අතහැර දමා ගොස් ඇති බවද හෙළිව තිබෙනවා.ඔහු සිය පුතා සමඟ කළුතර ප්‍රදේශයේ ජීවිත් වෙනවා.

 

මෙම කාන්තාව වාර කිහිපයකදී අනියම් සැමියන් කිහිප දෙනෙකු සමඟ දීඝ කා ඇතැයි වාර්තා වෙන්නේ.

 

ඒ අතර ඇය මීට වසර එකාමාරක පමණ සිට මෙම අනියම් සැමියා සමඟ එකට ජීවිත්ව තිබෙනවා.

 

මෙම සිද්ධිය වූ දින ඔවුන් ඔවුන්ගේ මිත්‍රයෙකුගේ සාදයකට ගොස් දෙදෙනාම මත්පැන් පානය කොට රාත්‍රීයේ නිවසට පැමිණ තිබෙනවා.

 

එහිදී ඔවුන් අතර වූ කතාබහකින් දුරදිග ගොස් ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් වශයෙන් මෙම අනියම් සැමියා විසින් සිය අනියම් බිරිඳ ව කපා කොටා ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

 

හැට හැවිරිදි අනියම් සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ගොඩක් සිංහල පොලිසිය මීට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා.

views

25540 Views

Comments

arrow-up