දරුවන් භාවිතා කරමින් යාචක ව්‍යාපාරවල නිරතවන්නන් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

දරුවන් භාවිතා කරමින් යාචක ව්‍යාපාරවල නිරතවන්නන් අත්අඩංගුවට

දරුවන් භාවිතා කරමින් යාචක ව්‍යාපාරවල නිරතවන්නන් අත්අඩංගුවට

දරුවන් භාවිතා කරමින් දුම්රිය, බස්රථ අදී පොදු ස්ථානවලදී මෙන්ම නගරබද මාර්ග තදබදයන්හිදී කූඨ ලෙස යාචක ව්‍යාපාරයක නිරතවන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.
 

'සියල්ලටම පෙර දරුවන්' 2021 ලෝක ළමා දින සැමරුම් ජාතික වැඩසටහනට සමගාමීව ජාතික ළමාරක්ෂක අධිකාරි පරිශ්‍රයේදී (05) පවැත්වූ වැඩසටහනකට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මේ බව සඳහන් කළා.
 

වීදි දරුවන් සම්බන්ධව කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසන බවත් පොලිසියේද සහය ලබා ගනිමින් ඉතා කෙටි කාලයක් තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි  එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා මෙහිදී වැඩි දුරටත් පැවසුවා.
 

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් කුමාරි ජයසේකර , ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විධානපතිරන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

views

1098 Views

Comments

arrow-up