දිස්ත්‍රික්ක රැසකට අද දිනයේත් වැසි - සුළං තත්වයේද වැඩිවීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින හරහා විශේෂයෙන්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ,දකුණ සහ බස්නාහිර පළාත්වලත්, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශා වලින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වේ. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා වැඩි විය හැක.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.
ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
736 Views
Comments