යුක්‍රේනයේ රසායනාගාර සම්බන්ධයෙන් WHO දුන් උපදෙස
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

යුක්‍රේනයේ රසායනාගාර සම්බන්ධයෙන් WHO දුන් උපදෙස

යුක්‍රේනයේ රසායනාගාර සම්බන්ධයෙන් WHO දුන් උපදෙස

කාන්දුවීම්වලින් මහ ජනතාවට හානි විය හැකි රසායනාගාර තුළ පවතින සියලු ම භයානක රෝගකාරක විනාශ කර දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය යුක්‍රේනයට උපදෙස් ලබාදී තිබේ.

 

ලෝකයේ අනෙකුත් රටවල්වල මෙන් ම යුක්‍රේනයේ ද කොවිඩ්-19 ඇතුළු මිනිසුන්ගේ සහ සතුන්ගේ භයානක රෝගකාරක සම්බන්ධයෙන් අධ්‍යයනය කරනු ලබන මහජන සෞඛ්‍ය රසායනාගාර පවතී.

 

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙවැනි ඇතැම් රසායනාගාර සඳහා අතීතයේදී ඇමෙරිකානු මෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද සහය ලැබී ඇති බවය.

 

මේ වන විට රුසියාව සහ බටහිර අතර ගැටුමෙහි ප්‍රධාන මාතෘකාවක් බවට මෙම රසායනාගාර පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

 

රුසියාව චෝදනා කර ඇත්තේ, ඇමෙරිකාව විසින් යුක්‍රේනය තුළ ජීව විද්‍යාත්මක සහ රසායනික අවි පහසුකම් පවත්වාගෙන යමින් සිටින බවටය.

views

801 Views

Comments

arrow-up