තවත් අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 6 කට මුදල් නිකුත් කෙරේ

තවත් අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 6කට පමණ අදාළ ගෙවීම්වල මුදල් අද (01) දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පවසයි.
මේ දිනවල අලුතින් ආරම්භ කළ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ කටයුතු ද සිදු වන අතර විරෝධතා හා අභියාචනා මේ වනවිටත් පරීක්ෂා කරමින් පවතින බව කමල් පද්මසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
පළමු අදියරේදී පවුල් ලක්ෂ 8 ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය හිමිවු අතර ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් පසුගිය 28 දින බැංකු වෙත නිකුත් කර තිබුණි.
217 Views
Comments