ඉන්ධන මිල වැඩිවීමේ රාවයක් නිසා ජනතාව තෙල් පෝලිමේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

ඉන්ධන මිල වැඩිවීමේ රාවයක් නිසා ජනතාව තෙල් පෝලිමේ

ඉන්ධන මිල වැඩිවීමේ රාවයක් නිසා ජනතාව තෙල් පෝලිමේ

අද දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි වෙතැයි පැතිර යන රාවයක් නිසා ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඉන්ධන පිරවුම් හල් අසල දැඩි තදබදයක් ඇතිව ඇති බව වාර්තා වනවා.

 

 

ඉන්ධන නොමැති බව පවසා එලෙස පැමිණෙන ජනතාව ආපසු හරවා යැවීමට ඉන්ධන පිරවුම්හල් සේවකයන් කටයුතු කිරීමත් සමඟ ඇතැම් ස්ථාන වල උණුසුම් තත්වයක් ද ඇතිව ඇති බවත් වාර්තා වනවා.

 

 

කෙසේ නමුත් ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාව පවසන්නේ මිල වැඩිකිරීමක් බලාපොරොත්තුවෙන් ඔවුන් එලෙස ඉන්ධන ලබා නොදීමට කටයුතු කරන බවයි.

views

813 Views

Comments

arrow-up