මල්ලිට පිහියෙන් ඇන්න අයියා අත්අඩංගුවට

මාතලේ කළුදෑවල ප්‍රදේශයේ නිවසක් තුලදී 31 හැවිරිදි තරුණයකු ඝාතනය කර තිබෙන බව මාතලේ මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි ස්ටීවන් රාජ් නැමැති තරුණයෙකු වන අතර ඔහු එළඹෙන 21 වනදා විවාහ වීමට නියමිතව සිටි අයෙකි.
සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ මත ගැටුමක් දුරදිග ගොස් අයියා විසින් මල්ලීට මෙලෙස පිහි ඇනුමක් සිදුකර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ මූලස්ථාන පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි .
මියගිය තරුණයා..
853 Views
Comments