අම්පාරේ පොහොට්ටුවේ සභා වල බලය අයවැයෙන් විමලවීරගෙන් ගැලවෙන ලකුණු ! දිස්ත්‍රික් නායකත්වය විමලවීරගෙන් වීරසංහට!
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

අම්පාරේ පොහොට්ටුවේ සභා වල බලය අයවැයෙන් විමලවීරගෙන් ගැලවෙන ලකුණු ! දිස්ත්‍රික් නායකත්වය විමලවීරගෙන් වීරසංහට!

අම්පාරේ පොහොට්ටුවේ සභා වල බලය අයවැයෙන් විමලවීරගෙන් ගැලවෙන ලකුණු ! දිස්ත්‍රික් නායකත්වය විමලවීරගෙන් වීරසංහට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අම්පාර දිස්ත්‍රික්කයට අයත්  පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, මහඔය , ලාහුගල  සහ දමන ප්‍රාදේශීය සභාවල අයවැය පරාද කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ම මන්ත්‍රීවරුන් පිරිසක්ම සැලසුම් කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

 

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකත්වය දරන්නේ වනජීවී අමාත්‍ය විමලවීර දිසානායක මහතාය.

 

මන්ත්‍රීවරුන් මෙලෙස අයවැය පරාද කිරීමට තීරණය කර ඇත්තේ අමාත්‍යවරයා දිස්ත්‍රික්කය තුළ  සිදුකරගෙන යන අත්තනෝමතික වියරු ක්‍රියා කලාපයට විරෝධය දැක්වීම සඳහායි.

 

විමලවීර මහතාගේ වැඩ පිළිබඳව පළාත් පාලන සභිකයින් දැඩි කලකිරීමකින් පසුවන අතර ඔවුන් මේ පිළිබඳව පක්ෂයේ ජේෂ්ඨයින්ද දැනුවත් කර තිබෙනවා.

 

එම කරුණු මෙන්ම පක්ෂය අපකීර්තියට පත්වන ප්‍රකාශ  කීපයක් ම විමලවීර මහතා විසින් සිදුකර තිබීමත් නිසා පක්ෂ නායකයින් විසින් විමලවීර මහතා පිළිබඳව දැඩි තීන්දුවක් ගැනීමට සූදානමක් පවතින බවට වාර්තා වනවා.

 

ඒ අනුව ඉදිරියේදී අම්පාර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ නායකකම තරුණ මන්ත්‍රීවරයකු වන ඩබ්.ඩී. වීරසිංහ මහතාට ලබාදීමටද සූදානමක් ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

views

1305 Views

Comments

arrow-up