රාජකාරී නිමකර නිවසට යමින් සිටියදී අතුරුදන් වූ පොලිස් සැරයන්ගේ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

රාජකාරී නිමකර නිවසට යමින් සිටියදී අතුරුදන් වූ පොලිස් සැරයන්ගේ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

රාජකාරී නිමකර නිවසට යමින් සිටියදී අතුරුදන් වූ පොලිස් සැරයන්ගේ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

රාජකාරී නිමාකර නිවසට යමින් සිටි පොලිස් සැරයන්වරයකුගේ මළ සිරුර ගැටඹේ පාසල අසල මහවැලි ගඟේ තිබී පසුගිය 01 වනදා හමු වූ බව පේරාදෙණිය පොලිසිය කියයි.

 

මහනුවර ගම්පොළ මාර්ගයේ ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා පසුගිය මස 30 වනදා අතුරුදන් වූ බව කියන පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකිව තිබියදී ඔහුගේ සිරුර ඊයේ හමුවී තිබෙන්නේ ගෙළිඔය සිට කිලෝ මීටර 10ක් පමණ දුරින් තිබියදීයි.

 

නල්ලතන්නිය පොලිසියට අනුයුක්තව සේවය කල මෙම සැරයන්වරයා පසුගිය 29දා නිවසට එමින් සිටියදී ගෙළිඔය නගරයේදී අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ විසින් පැමිණිල්ලක් කර තිබිණි.

 

ගෙළිඔය නගරයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු ජලයේ ගසා ගෙන ගියේද යන සැකය මත පොලිස් ජීවිත ආරක්ෂක අංශයේ නිලධාරීහු කණ්ඩායමක් ගෙළිඔය සහ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ ඒ. ඒ. සමරනායක නැමැති 55 හැවිරිදි දෙදරු පියෙකි. 

 

සිදුවීම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

707 Views

Comments

arrow-up