ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවන්ගෙන් පිරිසකට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවන්ගෙන් පිරිසකට ඇප

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවන්ගෙන් පිරිසකට ඇප

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 8 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා නියෝග කළේය.

 

සැකකරුවන් 08 දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙක බැගින් නියම කර තිබේ.

 

සැකකරුවන් 08 දෙනාට විදේශ ගමන් තහනම් කර ඇති අතර එම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් සෑම ඉරිදා දිනයකදීම අතුරුගිරිය පොලීසියේ පෙනී සිට අත්සන් කළ යුතු බවත් දැඩි ඇප කොන්දේසි පනවමින් විනිසුරුවරයා නියෝග කළේය.

 

පසුගිය ජුලි මස 8 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවටක එක්වෙමින් සිටියදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තට වෙඩිතබා ඝාතනය කෙරුණි.

views

111 Views

Comments

arrow-up