09 වැනිදාන් පසු ආපසු වැස්ස වැඩිවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

09 වැනිදාන් පසු ආපසු වැස්ස වැඩිවෙයි

09 වැනිදාන් පසු ආපසු වැස්ස වැඩිවෙයි

එළැඹෙන 09, 10, 11, 12 වැනි දිනයන් වල නැවත වරක් වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැහැදිලි කළේය.

 

නිරිතදිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසල නැවත වරක් කැළඹෙන ස්වභාවයක් උද්ගත වී ඇති බැවින් එහි බලපෑම ගැන ඉදිරියේදී දැනුම් දෙන කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට ඒ මහතා වැඩදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

 

"අපේ විශ්ලේෂණවල පෙන්වනවා නිරිතදිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසල නැවත වරක් කැළඹෙන ස්වභාවයක් උද්ගත වෙලා තියෙනවා. කැළඹෙන ස්වභාවයක් තිබ්බ පලියට අපිට එකපාරට කියන්න බෑ මේක සුළි කුණාටුවක්ද පීඩන අවපාතයක් ද කියන එක. දැනට මේකේ වර්ධනයක් අපට පෙන්නුම් කරනවා. මෙය බෙංගාල බොක්ක ප්‍රදේශයෙන් උතුරු දිසාවට ගමන් කරන ස්වභාවක් පෙන්නුම් කරනවා. හැබැයි වයඹට බරව. මේ පද්ධතියේ දැනට අපිට පේනවා මීට කලින් ගිය පද්ධතිය හා ගත්තාම නැගෙනහිර වෙරළබඩ තීරයට ඈතින් තමා ගමන් කරන්නේ. මේකේ වක්‍ර බලපෑමක් බොහෝවිට ඇතිවීමට හැකියාවක් තියෙන්නේ 9, 10, 11, 12 වැනි දිනයන් වල එම වක්‍ර බලපෑම හේතුකොට ගෙන උතුර, නැගෙනහිර, උතුරුමැද, සහ ඌව වැනි පළාත්වල සාමාන්‍ය වැසි තත්ත්වයේ වැඩිවීමක් 09 වනදා රාත්‍රී කාලයෙන් පස්සේ ඇතිවීමේ ලකුණු දැනට පහල වෙලා තියෙනවා. මෙය ඉදිරියේදී අඩු පීඩ කලාපයක් දක්වා වර්ධනය වෙනවාද නැද්ද කියලා කියන එකේ තහවුරු කිරීම අපි ඉදිරි අනාවැකි කරණයේදී  පැහැදිලිව ජනතාවට දැන ගැනීමට සලස්වනවා." 
  

views

155 Views

Comments

arrow-up