ගෑස් අර්බුදය පිටුපස ව්‍යාපාරික මාෆියාවක්..! – දිළුම් අමුණුගම

වත්මන් ගෑස් ප්‍රශ්නය පසුපස ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ගැටළුවක් ඇති බවත් ව්‍යාපාරිකයකු සිය ව්‍යාපාර පුළුල් කිරීමට බොරදියේ මාළු බාන අයුරින් උත්සාහ කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පැවසීය.
ඒ, පසුගියදා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
“දැන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රශ්නෙකුත් මේකෙ තියෙනවා. බොරු කියන්න බෑ, අපි ජනතාවට ඇත්ත කියන්න අවශ්‍යයයි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න අය ඒ අයගේ ව්‍යාපාර පුළුල් කරන්න උත්සාහ කරනවා මේ අවස්ථාවෙදි බොරදියේ මාළු බානවා වගේ. ඒකට බැනුම් අහන්න වෙලා තියෙනවා රජයට. යනුවෙන් ප්‍රකාශ කරා.
641 Views
Comments