ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලීම අනිවාර්යෙන් කළ යුතුයි – චීන පොහොර සමාගම
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලීම අනිවාර්යෙන් කළ යුතුයි – චීන පොහොර සමාගම

ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලීම අනිවාර්යෙන් කළ යුතුයි – චීන පොහොර සමාගම

තම සමාගමේ කීර්ති නාමයට හා සිදු කළ පාඩුවට සිංගප්පුරුවේ බේරුම්කරණ මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලීම අනිවාර්යෙන් කළ යුතු බව චීනයේ චින්දාවෝ සීවින් බයෝ ටෙක් සමාගම පවසා ඇත.
 

එම සමාගම මෙම ප්‍රකාශය ඊයේ (26) කළේ, මෙරට කැබිනට් මණ්ඩලය අදාළ සමාගම වෙත ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමට අනුමැති ලබාදී තිබියදී ය.

 

ශ්‍රී ලංකාවට කාබනික පොහොර ලබා දීමේ ටෙන්ඩරයට අදාළව සියයට සියයක අවංක බාවයකින් තම සමාගම ලංසු තැබීමට ඉදිරිපත් වූ බව චීන සමාගම පෙන්වා දෙයි.

 

එහෙත් ශ්‍රී ලංකාවේ ආයතන හිතා මතා සිදු කළ ක්‍රියා නිසා තම සමාගමේ කීර්ති නාමයට සිදුවූ හානිය හේතුවෙන් විශාල අලාභයක් සිදුව ඇති බව එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇනා සොන්ග් මෙනෙවිය ප්‍රකාශ කළා ය.

views

681 Views

Comments

arrow-up