තොඩුවාවේ අයෙක් ට්‍රැක්ටරයක රොටරියට හසු වී කැපී මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

තොඩුවාවේ අයෙක් ට්‍රැක්ටරයක රොටරියට හසු වී කැපී මිය යයි

තොඩුවාවේ අයෙක් ට්‍රැක්ටරයක රොටරියට හසු වී කැපී මිය යයි

මහකුඹුක්කඩවල, එගොඩගම ප්‍රදේශයේ පුද්ගලයකු අවාසනාවන්ත ලෙස ට්‍රැක්ටරයක රොටරියට සිරවීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

 

එගොඩගම ප්‍රදේශයේ වතු හිමිකරුවෙකු වූ තොඩුවාවේ පදිංචි සිව් දරු පියෙක් වන මෙම පුද්ගලයා ඉඩමේ වැඩ කටයුතු සඳහා ගෙනවිත් තිබූ ට්‍රැක්ටරය පණ ගන්වා එහි රොටරිය ද ක්‍රියාත්මක කොට ඇති අතර, වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබූ රොටරියේ රැඳී තිබූ කුණු රොඩු ඉවත්කිරීමට නොසැලකිලිමත් ලෙස අත දමා ඇති බව සඳහන් වේ.

 

රොටරිය ඔහුගේ අත ඇදී ගොස් හිස ද දරුණු ලෙස තුවාල වී ඇති අතර, රොටරියට හසු වූ ඔහුගේ අත ගැලවී ගොස් ඇති බව වාර්තා වේ.

 

අනතුරෙන් සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, සිද්ධිය සිදුවන විට ඔහුගේ බිරිඳ සිට ඇත්තේ නිවසේ මුළුතැන්ගෙයි බවත්, ක්‍රියාත්මක වී තිබූ ට්‍රැක්ටරය නතර වීම හේතුවෙන් ඒ පිළිබඳ සොයා බැලීමේ දී සිදු වූ අනතුර දැක ඇති බවත් වාර්තා වී තිබේ.

 

මරණයට පත් වූ පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම මූලික රෝහලට යවා තිබේ.

views

199 Views

Comments

arrow-up