උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාග අහෝසි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
27

උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාග අහෝසි කරයි

උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාග අහෝසි කරයි

බස්නාහිර, දකුණ, නැගෙනහිර හා උතුරුමැද පළාත්වල උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා සැලසුම් කර තිබු තරග විභාගය අහෝසි කර තිබෙනවා.

 

මෙම විභාගය සඳහා අයදුම්පත් 30,000ක් පමණ ලැබී ඇති අතර එක් අයදුම්කරුවෙකු ඒ සඳහා රුපියල් 1000 බැගින් මුදල් ගෙවා තිබෙනවා.

 

විභාගය අහෝසි කළ ද එම මුදල් නැවතත් අපේක්ෂකයන් වෙත ලබා නොදේ.

 

මෙම අයදුම්පත් පසුගිය 2020 වසරේ කැඳවා තිබුණු අතර එයට අදාළ විභාගය මෙම වසරේ දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

 

දැනට රාජ්‍ය සේවයට  බඳවාගෙන ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන් ගුරු සේවයට බඳවා ගැනීමේ අරමුණින් මෙම තරග විභාගය අහෝසි කර ඇති බවයි වාර්තා වන්නේ.

views

892 Views

Comments

arrow-up