කුඩා දරුවෙකු බරපතල ලෙස අපයෝජනය කළ ගුරා රිමාන්ඩ් - රූපවාහිනී වැඩසටහනකින් පසු දරුවා සියල්ල හෙළි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

කුඩා දරුවෙකු බරපතල ලෙස අපයෝජනය කළ ගුරා රිමාන්ඩ් - රූපවාහිනී වැඩසටහනකින් පසු දරුවා සියල්ල හෙළි කරයි

කුඩා දරුවෙකු බරපතල ලෙස අපයෝජනය කළ ගුරා රිමාන්ඩ් - රූපවාහිනී වැඩසටහනකින් පසු දරුවා සියල්ල හෙළි කරයි

වයස අවුරුදු අටක බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක් කළැයි කියන කඩුවෙල ප්‍රදේශයේ විදුහලක ගුරුවරයෙකු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 

කඩුවෙල පදිංචි හතලිස් පස් හැවිරිදි තිදරු පියෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි.

 

අපයෝජනයට ලක්වූ දරුවා වයස අවුරුදු 8දී අතවරයට ලක්ව ඇති අතර මේවන විට එම දරුවාගේ වයස අවුරුදු 11ක් වන බවත් ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කොට තිබේ.

 

අතවර සිද්ධියකට අදාළව රූපවාහිණීයේ පළවූ පුවතක් දැකීමෙන් පසු මෙම දරුවා තමාටද එවැන්නක් සිදුවූ බව සඳහන් කරමින් ඔහුගේ මවට සිදුවීම පවසා ඇත්තේ වසර තුනකට පමණ පසු බව ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

 

දරුවා ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන විට සැකකරු දරුවාගේ පංතිභාර ගුරුවරයා ලෙස කටයුතු කර ඇති බවත්, අවස්ථා ගණනාවකදී දරුවා අපයෝජනයට ලක්කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් වාර්තාවේ.

 


ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තබන ලදී.

views

1699 Views

Comments

arrow-up