බිරින්දෑවරු තුනක් නඩත්තු කරන්න මධ්‍යම අධිවේගයේ චීනුන්ට කසිප්පු විකිණූ සැකකරු බඩුත් එක්ක මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

බිරින්දෑවරු තුනක් නඩත්තු කරන්න මධ්‍යම අධිවේගයේ චීනුන්ට කසිප්පු විකිණූ සැකකරු බඩුත් එක්ක මාට්ටු

බිරින්දෑවරු තුනක් නඩත්තු කරන්න මධ්‍යම අධිවේගයේ චීනුන්ට කසිප්පු විකිණූ සැකකරු බඩුත් එක්ක මාට්ටු

අධිවේගී මාර්ගයේ සේවයේ නියතු චීන ජාතික කම්කරුවන්ට මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම ගනේගොඩ ප්‍රදේශයේ කසිප්පු විකිණීමේ පුවතක් වාර්තා වෙයි. 

 

නුවර - කොළඹ මධ්‍යම අධිවේගයේ මීරිගම ගනේගොඩ ප්‍රදේශයේ සේවය කරන චින ජාතිකයින්ට කලක සිට කසිප්පු ලබාදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු ඒකකයට ලැබුණු තොරතුරක් මත පල්ලවෙල පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ යතුරුපැදිය තුළ කසිප්පු පැකට් සහ බෝතල්ද ඉදිරිපස කසිප්පු පිරවූ කෑන් එකක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

එම අවස්ථාවේ බෝතල් 45ක් පමණ ප්‍රවාහනය කරමින් සිටි මොහු තමා කාන්තාවන් තිදෙනෙකු නඩත්තු කරන බැවින් ඒ සඳහා දිනකට අධික මුදලක් වැය වන බවත් මෙම ව්‍යාපාරය තුළින් දිනකට රුපියල් විසිදාහක පමණ ආදායමක් උපයන බවත් පාපොච්චාරණය කර තිබේ.

views

1029 Views

Comments

arrow-up