පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නන්ට අහඹු ලෙස ප්‍රතිදේහ පරික්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නන්ට අහඹු ලෙස ප්‍රතිදේහ පරික්ෂණ

පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නන්ට අහඹු ලෙස ප්‍රතිදේහ පරික්ෂණ

කොවිඞ් 19 ව්‍යාප්තවීම වැළැක්වීම සදහා පොදු ප්‍රවාහන සේවා භාවිත කරන පුද්ගලයන් අහඹු ලෙස තෝරා ගනිමින් ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ සිදුකිරීමේ ජංගම වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව කොවිඞ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

මේ අතර එළඹෙන නත්තල් සහ උත්සවය සහ නව වසර ඉලක්ක කරගනිමින් රටපුරා නිරෝධායන ඇදිරිනීතිය පැනවීමට හෝ ප්‍රදේශ හුදකලා කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද යුද හමුදාපති ශවේන්දද්‍ර සිල්වා මහතා අද දිනයේදීත් අවධාරණය කළා.

 

කෙසේ වෙතත් අනපේක්ෂිත තත්වයක් ඇතිවුවහොත් එම තීරණය වෙනස් කිරීමට පසුබට නොවන බවයි ඔහු කියා සිටියේ.

 

views

582 Views

Comments

arrow-up