තමන් නිවැරදි බව ධනුෂ්ක කියයි

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර අධිකරණයක් ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.
එහිදී කිසියම් අයුරකින් ඔහු වරද පිළිගත්තේ නම් ධනුෂ්කට නුදුරු දිනයකදී දඩුවම් නියම කිරීමට නියමිත තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඔහුට එරෙහි නඩු විභාගය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස අධිකරණය නියම කර ඇත.
පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් තරුණියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයාට එරෙහිව පළමුවෙන් චෝදනා 4 ක් ගොණු කෙරූ අතර පසුගිය නඩු වාරයේදී එයින් චෝදනා 3 ක් ඉවත් කර ගැනීමට ඔස්ට්‍රේලියානු විමර්ශන අංශ පියවර ගත්තේය.
කෙසේවෙතත් අනෙක් පාර්ශවයේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල යෙදීම යන චෝදනාව ඔහුට එරෙහිව තවදුරටත් පවතී.
219 Views
Comments