උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ හංසමාලිට ශෙඩ් එකක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ හංසමාලිට ශෙඩ් එකක්

උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ හංසමාලිට ශෙඩ් එකක්

උතුරු වසන්තය සහ නැගෙනහිර වසන්තය යන ව්‍යාපෘති හරහා සිදුව ඇති දූෂණ හා වංචා පිළිබඳව  පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානකියන් මහතා පසුගියදා බලශක්තිය අමාත්‍යවරයාට ගෙන ආ විශ්වාසභංගය පිලිබද විවාදයේදී අදහස් ප්‍රකාශ කලා.

 

 

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ

“උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියට දීලා තියෙනවා පෙට්‍රල් ස්ටේෂන් එකක්. මේක ගැන හොයලා බලන්න. මොකද මේ පෙට්‍රල් ස්ටේෂන් එක දීලා තියෙන කට්ටිය, මේකෙ ඉන්න ඩීලර්ස්ලා කවුද කියලාත් පොඩ්ඩක් හොයලා බලන්න. මේකෙ එක ඩීලර් කෙනෙක් ඉන්නවා මිසිස් යූ.ජී.ඊ. හංසමාලි කියලා.

 

 

හංසමාලි කියලා නම කියපු ගමන් පොඩ්ඩක් හොයලා බලයි දැන්. නෑ, නෑ, ඒ හංසමාලි නෙවෙයි මේ වෙන හංසමාලි කෙනෙක් මං හිතන්නෙ. ඇමතිතුමා මේ ඇමතිතුමාගෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම තමයි නැගෙනහිර වසන්තය යටතේ අපි දන්නවා පිල්ලෙයාන් ඇවිල්ලා එයාට කෝටි ගණන්වල දේපළ හොයාගත්තා. මේකෙ තියෙනවා ඩොකියුමන්ට්. මට වෙලාව මදි.මේකෙ තියෙනවා ට්‍රේඩ් ලංකා කියලා කම්පැනියක්. මේ ට්‍රේඩ් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියට ඉම්පෝර්ට් කරන්නෙ කවුද කියලා හොයලා බලන්න. මේකට කැබිනට් ඇමතිවරුත් සම්බන්ධයි කියන එකත් මට මෙතන කියන්න පුළුවන්” යනුවෙන් අදහස් දක්වන ලදි.

views

1079 Views

Comments

arrow-up