“ආධාරකරුවන් යවා පොලු‍වලින් ගසා මර්දනය කරන්නැයි මට ශවේන්ද්‍ර කිව්වා” - මන්ත්‍රී මධුර මැතිසබයේදී කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

“ආධාරකරුවන් යවා පොලු‍වලින් ගසා මර්දනය කරන්නැයි මට ශවේන්ද්‍ර කිව්වා” - මන්ත්‍රී මධුර මැතිසබයේදී කියයි

“ආධාරකරුවන් යවා පොලු‍වලින් ගසා මර්දනය කරන්නැයි මට ශවේන්ද්‍ර කිව්වා” - මන්ත්‍රී මධුර මැතිසබයේදී කියයි

අරගලකරුවන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසට පහර දීමට පැමිණෙන බව ජනාධිපතිවරයාගේ උපදෙස් මත තමා හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට දැනුම් දුන්න ද ඊට මැදිහත් විය නොහැකි බවත් ආධාරකරුවන් යවා පොලුවලින් පහරදී තත්ත්වය පාලනය කරන ලෙසත් හමුදාපතිවරයා තමන්ට දැනුම් දුන් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

 

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ වසර මැද මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ කල් තැබීමේ විවාදය ආරම්භ කරමිනි. එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

 

“2022 වසරේ මාර්තු 31දා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගෙදරට ගහන වෙලාවේ රාත්‍රී 08 ට විතර මට ජනාධිපතිතුමා කතා කරලා කිව්වා ‘මගේ ගේ ළඟ කලබලයක් වෙනවා. පොඩ්ඩක් ගිහින් බලන්න’ කියලා. මම එම ස්ථානයට යනකොට විශාල පිරිසක් ඒ අවට රැස්වෙලා හිටියා.

 

පසුව නැවතත් ජනාධිපතිතුමා මට කතා කළා. මේ ළමයි විශාල පිරිසක් එනවා කියා දැනගන්න ලැබුණා. ඒ නිසා හමුදා රථ හෝ යුද්ධ ටැංකි කිහිපයක් හෝ දමා පාරවල් වහන්න කියා එවක යුද හමුදාපතිව සිටි ශවේන්ද්‍ර සිල්වා මහත්තයාට කියන්නයි ජනාධිපතිතුමා මට කිව්වා.

 

මම යුද හමුදාපතිතුමාට කතා කරලා මේක කිව්වාම ඔහු “මන්ත්‍රීතුමා මේක දේශපාලන ප්‍රශ්නයක්. ඔබතුමාලාගේ ආධාරකරුවන් යවලා පොලුවලින් ගහලා හරි මේක පාලනය කරන්න. මේක අපේ ප්‍රශ්නයක් නොවෙයි ” කියලා කිව්වා. මම වගකීමෙන් මේ කියන්නේ.

views

215 Views

Comments

arrow-up