JUN
01
සූර් වී පාසල් ගිය සිසුන්

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක දොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුන් තිදෙනකු බීමත්ව යතුරුපැදි තුනක් පදවා ගෙන යමින් සිටිය දී ලියන්වල වත්ත ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ලියන්වල පොලීසිය පවසයි.
රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් සම්පත් මහතාට ඇති වූ සැකයක් මත මෙම සිසුන් තිදෙනා ගමන් ගත් යතුරු පැදි නතර කරගෙන ඇති අතර සිසුන් තිදෙනා බීමතින් සිටින බව ඊට අදාළව සිදු කරන ලද පරීක්ෂණවලින් පෙනී ගිය නිසා ඔවුන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
172 Views
Comments