නැව ආවත් ඩීසල් ඇත්තේ දින හතකට පමණයි

ඩීසල් මෙට්‍රික් ටොන් 41,000ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම ඊයේ(23) ආරම්භ කළද එම ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින 07ක් සඳහා පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ඩීසල් තොගය ගොඩබෑමට ගතවන සම්පූර්ණ කාලය දින 04ක් පමණ වන බවයි.
නෞකාවේ අඩංගු ඩීසල් තොගයෙන් අඩක ප්‍රමාණයක් ගොඩබාන්නේ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට වන අතර ඉතිරි ඩීසල් තොගය කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට ගොඩබෑම සඳහා අදාළ නෞකාව කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිතව තිබේ.
තවත් ඩීසල් තොගයක් රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ දින 07 කට පසුව වන අතර මේ හේතුවෙන් අනවශ්‍ය ලෙස ඩීසල් තොග රැස් නොකර අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඩීසල් මිලදි ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
806 Views
Comments