ගොවීන් 200ක් අත්අඩංගුවට පත්වූ උද්ඝෝෂණය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

ගොවීන් 200ක් අත්අඩංගුවට පත්වූ උද්ඝෝෂණය

ගොවීන් 200ක් අත්අඩංගුවට පත්වූ උද්ඝෝෂණය

පො‍හොර හිඟයට සහ ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වූ ගොවීන් 200ක් පමණ පකිස්තාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එරට මාධ්‍ය වාර්තා පවසන්නේ දින කිහිපයක් තිස්සේ ලාහෝරයේ අඛණ්ඩ විරෝධතාවයක නිරත වී සිටි ඔවුන්ට හදිසි පොලිස් ප්‍රහාරයක් එල්ල වි ඇති බවටයි.

 

එහිදී ගොවීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන අතර 200 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

 

ප්‍රහාර එල්ල වුවද තම ගැටලු‍වලට විසදුම් හිමිවන තුරු උද්ඝෝෂණ අඛණ්ඩව පවත්වාගෙන යන බව කිෂන් බෝඩ් පකිස්තාන් නම් එරට ගොවි සංවිධාන එකමුතුවේ උපසභාපති අමුනුල්ලා චට්තා සඳහන් කරයි.

 

පකිස්තානයේ ගොවීන් දැඩි පොහොර හ`ිගයකට මුහුණ දී ඇති අතර එරට ඉන්ධන මිලද පසුගියදා විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

 

එය ගොවියන්, සුළු ව්‍යාපාරිකයන්, ඇතුළු සමාජයේ සෑම ජන කොටසකටම දැඩි බලපෑම් එල්ල කර ඇත.

views

724 Views

Comments

arrow-up