OCT
27
ඇල්ලවල දිය ඇල්ල සංචාරකයින් සඳහා තහනම් කෙරේ

පසුගියදා එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනා බිලිගත් ඇල්ලවල දිය ඇල්ල නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සඳහා තහනම් කර තිබෙනවා.
මෙම තහනම පනවා ඇත්තේ කෙටි කාලයක් තුළ මෙම දිය ඇල්ල නැරඹීමට ගිය පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සැලකිල්ලට ගෙනයි.
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කරන්නේ නිසි ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් අනතුරුව නැවතත් දියඇල්ල සංචාරකයන් සඳහා විවෘත කරන බවයි.
692 Views
Comments