එන්නත නොගත් සරසවි සිසුන්ට හොස්ටල් නැ..?
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

එන්නත නොගත් සරසවි සිසුන්ට හොස්ටල් නැ..?

එන්නත නොගත් සරසවි සිසුන්ට හොස්ටල් නැ..?

විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා උපකුලපතිවරුන් හා සෞඛ්‍ය බලධාරීන් අතර මෙම මස 22 වැනිදා සාකච්ඡාවක් පැවැත්වේ.

 

කොවිඩ් එන්නත ලබා ගෙන සිටින සිසුන් සම්බන්ධ තොරතුරු ද මෙම සාකච්ඡාවට ඉදිරිපත් කෙරෙන අතර එන්නත ලබා නොගත් සිසුන් පිළිබඳව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ද මෙදින තීරණය කෙරේ.

 

 එම සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී තීරණය කරන බව ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවැසීය.

 

දැනට ලැබී ඇති තොරතුරු අනුව ඇතැම් විශ්වවිද්‍යාලවල සිසුන්ගෙන් සියයට අසූවක් පමණ එන්නත ලබාගෙන ඇතැයි ද මහාචාර්යවරයා කීවේය.

 

මේ අතර මුලින්ම අවසන් වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම කෙරෙහි කොමිෂන් සභාව අවධානය යොමු කර තිබේ.

views

767 Views

Comments

arrow-up