කුමුදුනී මගී බෝට්ටුව යළි ධාවනයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

කුමුදුනී මගී බෝට්ටුව යළි ධාවනයට

කුමුදුනී මගී බෝට්ටුව යළි ධාවනයට

යාපනය හා ඩෙල්ෆ්ට් අතර ධාවනය වූ කුමුදුනී මගී බෝට්ටුව අලුත්වැඩියා කටයුතු සඳහා මාස හයක් නතර වී තිබුණි.

 

අලුත්වැඩියා කටයුතුවලින් පසුව කුමුදුනී මගී බෝට්ටුව යාපනයේ කුරීකඩ්ඩුවාන් ජැටියෙන් 21 දා ඩෙල්ෆ්ට් බලා ධාවන කටයුතු ආරම්භ කර තිබෙනවා.

 

 

1968 වසරේදී යාපනය හා ඩෙල්ෆ්ට් දූපත අතර මගී ප්‍රවාහනයට එක්කරන ලද කුමුදුනී නමැති මෙම මගී යාත්‍රාව උතුරේ වැසියන් අතර පමණක් නොව විදේශිකයින් අතර ද ඉතා ජනප්‍රිය වූ බෝට්ටුවක් විය.

 

 

 

කුමුදුනී මගී බෝට්ටුව අලුත්වඩියා කිරීමට රුපියල් ලක්ෂ හැත්තෑ පහක පමණ මුදලක් වැය වී ඇති බවයි වාර්තා විය.

 

 

 මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කුමුදුනී බෝට්ටුවේ ගමනාගමන කටයුතු හා පරිපාලන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

 

 

කන්කසන්තුරේ වරායේ බෝට්ටු අලුත්වැඩියා මධ්‍යස්ථානයේදී කුමුදුනී මගී බෝට්ටුව අලුත්වැඩියාවට ලක් විය.

 

කුමුදුනී බෝට්ටුව මංගල ගමන ආරම්භ කිරීමට පෙර එහි කොටසක් මුහුදට යවා පොංගල් කිරිබත් පිස බෝට්ටුවට ආශිර්වාද කිරීම ද මෙහි විශේෂත්වයක් විය.

 

 

views

287 Views

Comments

arrow-up