කාමරේ එක පෙම්වතෙක්, දුරකතනයේ තව කෙනෙක් - මිනුවන්ගොඩ ගමක් කම්පා කරමින් තරුණියගේ සිරුරට ගිනි ඇවිලුණු හැටි එළියට

දිනය ඔක්තෝම්බර් 17 වැනිදාය. වේලාව මධ්‍යාහ්නය පසුවී ගතවුණේ විනාඩි කිහිපයක් ගතවී තිබිණ.
මේ කියන්නට යන අනුවේදනීය කතාව අසන්නට ලැබුණේ මිනුවන්ගොඩ, විතානමුල්ල ප්‍රදේශයෙනි.
22 හැවිරිදි එල්. ටී. කල්පනි දිල්හාරා නමැති තරුණිය ප්‍රේම සම්බන්ධතාවයකින් හටගත් සිත් තැවුලක් නිසා සිරුරට ගිනි තබාගෙන තිබුණි.
මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකළ සැරයන් සුදත් නන්දසිරි (38098) මහතා මෙලෙස කියා සිටියේය.
“දිල්හාරා නමැති 22 හැවිරිදි තරුණිය අවුරුදු එකහමාරක පමණ සිට නාවල ප්‍රදේශයේ යකඩ බඩු ව්‍යාපාරයක් පවත්වාගෙන යන අවුරුදු 26ක පුද්ගලයෙක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තියෙනවා, දිල්හාරා මීට පෙර රැකියාවක් කර එයින් ඉවත්ව සිටි තරුණියක්.
ඇය මෙම තරුණයා සමඟ සම්බන්ධකම් පවත්වන අතර වෙනත් සම්බන්ධතාවන්ද පවත්වාගෙන ගොස් ඇත්තේ එම පුද්ගලයාට රහසින්. දිල්හාරාගේ වර්තමාන පෙම්වතා නිතර නිතර ඇගේ නිවසට ආ ගිය පුද්ගලයෙක්.
ඔවුන් විවාහ නොවුණත් එකගෙයි ජීවත් වී තිබෙනවා. මේ අතරතුර දිල්හාරාගේ සොහොයුරාගේ උපන්දිනය පසුගිය 14 වැනිදා සමරා එදින රාත්‍රියේ උපන්දින සාදය හමාර වීමෙන් පසු එම යුවළ පසුදා පහන් වනතුරු ඔවුන්ගේ කාමරයේ ගතකර තිබෙනවා.
උපන්දින සාදය පැවැති රාත්‍රියේ දිල්හාරාගේ පෙම්වතා එහි සිටියදීම ඇයට විටෙන් විට දුරකතන ඇමතුම් කිහිපයක්ම ලැබුණා. දිල්හාරාගේ පෙම්වතාට ඒ පිළිබඳ මතුව තිබුණේ බලවත් සැකයක්.
ඔහු ඒ ගැන දිල්හාරාගෙන් විමසීම් කළද ඇය විවිධ බොරු පවසමින් ඔහුගෙන් ගැළවෙන්නට වුණා.
එම බහින්බස් වීම අවසන් වී ඇත්තේ දෙදෙනා අතර ඇතිවූ රණ්ඩුවකින් පසුවයි. අනතුරුව තරුණයා නිවසින් ගොස් තිබුණා.
කෙසේ වෙතත් දිල්හාරා පසුදා පෙම්වතා සොයා ගියේ ඔහුට කරුණු පැහැදිලි කරදී සිද්ධිය සමථයකට පත්කර ගැනීමේ අදහසිනුයි.
ඒ අදහස සාර්ථක වී දෙදෙනාම නැවත නිවසට පැමිණ පෙර පරිදි කාලය ගතකරන්නට වුණා. එසේ වුවත් දිල්හාරාගේ හැසිරීම ගැන පිළිබඳ පෙම්වතාට මොහොතින් මොහොත සැක මතුවන්නට පටන්ගෙන තිබුණා. පෙම්වතාත් තම සැකය ගැන දිල්හාරාගෙන් විමසීම් කරන්නට වුණා. ඉන්පසු දෙදෙනා එම ගැටලුව පිළිබඳ කතාබහ කර විසඳා ගැනීමේ අදහසින් නිවසේ ගරාජයට ගොස් තිබුණා.
එසේ බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය ඔවුන්ගේ කතාබහ අතර දිල්හාරා තම රහස් සම්බන්ධතාවන් ගැන සැඟවූ සියලු තොරතුරු පෙම්වතා ඉදිරියේ දිගහරින්නට වුණා.
දිල්හාරාගේ සැබෑ විස්තර දැනගැනීමෙන් පසු ඔහු දැඩි මානසික පීඩාවකට පත්ව දිල්හාරා සමඟ ඇති සම්බන්ධය නතර කර දමන්නට ඔහු ඒ සමඟම තීරණය කර තිබෙනවා.
ඔහු දිල්හාරාගේ මව සොයා ගොස් දිල්හාරාගේ සැබෑ තත්ත්වය ඇය සමඟ පවසා එම නිවසින් පිටව ගොස් ඇත්තේ යළි කිසිදා එහි නොඑන බවට අදිටන් කරගනිමින්.
ප්‍රශ්න රැසකට මැදිවූ දිල්හාරා සත්‍ය කතාව පෙම්වතාට කියා සිටියේ ඔහුගෙන් සහනයක් ලැබේවි යන අදහස් වන්නට හැකියි.
නමුත් සිදුවූයේ ඇය සිතූ දේ නොව පෙම්වතා වෙන්ව යන්නට තීරණය කිරීමයි. මේ අනපේක්ෂිත මානසික පීඩනයෙක් තැවුලට පත් දිල්හාරා ජීවිතය විනාශ කරගන්නට තීරණය ගන්නේ ඒ සමගමයි.
ගරාජයේ සිටි දිල්හාරා කෑගසන ශබ්දයට ඇගේ මව ඇතුළු පිරිස එහි දිව ගියා.
සිරුරට භූමිතෙල් දමා ගිනිතබාගෙන සිටි දිල්හාරාගේ සිරුර ඒ වන විටත් දැඩි ලෙස පිලිස්සී තිබුණා. පිරිස එක්ව දිල්හාරාව කඩිනමින් දිවුලපිටිය රෝහලට රැගෙන ගියා.
ඇගේ ජීවිතය අවදානම් නිසා ඇයව ගම්පහ රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් කටයුතු කළා.
කෙසේ හෝ අවසානයේ එදින රාත්‍රී 8ට පමණ දිල්හාරා මෙලොවින් සමුගත්තා.”
දිල්හාරාගේ තම ජීවිතයෙන් සමු ගත්තේ සමාජයට පාඩම් බොහෝ පාඩම් කියා දෙමිනි.
ඇය දෑස් පියාගත්තේ තරුණ දියණිවරුන්ට සහ තරුණ දූදරුවන් සිටිනා මවුපියන්ට වටිනා පාඩමක් කියා දෙමිනි.
තරුණ දියණිවරු සිටිනා මවුපියන් තම දරුවන් පිළිබඳ මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු වන අතර නිතරම දරුවන් පිළිබඳ සොයා බැලිය යුතුය.
35115 Views
Comments