ගම්පහ කොරෝනා රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක්

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය සදහන් කළේ අද උදෑසන වන තෙක් ගත වූ පැය 24ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15ක් ආශ්‍රිතව කොවිඩ් රෝගීන් 865 දෙනෙකු හමු වී ඇති බවයි.
ඉන් ආසාදිතයින් 30 දෙනෙකු එම දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව වාර්තා වූ අතර ආසාදිතයින් 392 දෙනෙකු ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙන යොමු කර ඇත.
සැක සහිත රෝගීන් 144 දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති අතර පළමු පෙළ ආශ්‍රිතයින් 14,850 දෙනෙකු නිවෙස්වල නිරෝධායනයට යොමු කර ඇත.
907 Views
Comments