බෙහෙත් ඇලජික්වී මියයාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ

දරුණු අසාත්මිකතා ඇතිවී රෝගීන් දෙදෙනකු මියයාම අසාමාන්‍ය තත්ත්වයක් නොවන බව, ඒ පිළිබදව සොයාබැලීමට පත්කළ කමිටුවේ නිගමනය වූ බව කමිටු සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබදව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ජාත්‍යන්තර තත්ත්වය සහ ඉකුත් වසරවල අසාත්මිකතාවලින් මියයාම් සමග සංසන්දනය කළ විට ඉකුත් දා සිදුවූ මරණ දෙක අසාමාන්‍ය වැඩිවීමක් නොවන බව කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමෙින් ඔහු ප්‍රකාශ කළේය.
ඉකුත් දා අසාත්මිකතාවලට ලක්වූ රෝගීන් 6 දෙනකු පිළිබදව සිය කමිටුවට අධ්‍යනය කිරීමට ලබාදී තිබූ බවද දරුණු අසාත්මිකතා ඇතිවී තිබුණේ ඉන් රෝගීන් 4 දෙනකුට පමණක් බවද ඔහු පැවසීය.
536 Views
Comments