ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පරීක්ෂණ ගාස්තු සංශෝධනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පරීක්ෂණ ගාස්තු සංශෝධනය කෙරේ

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පරීක්ෂණ ගාස්තු සංශෝධනය කෙරේ

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ලබන සදුදා(08) සිට සැහැල්ලු වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තු රුපියල් 1500 ක් වන අතර බර වාහන සඳහා නව ගාස්තුව(මුත්‍රාවල මත්ද්‍රව්‍ය පරීක්ෂණය හැර) රුපියල් 1500ක් වන බවයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කර සිටියේ.

වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සඳහා භාවිත වන ද්‍රව්‍ය හා උපකරණ වල මිල ඉහළ යාම හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හා අලුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තු මෙලෙස ඉහල නැංවූ බවයි ප්‍රවාහන වෛද්‍ය ආයතනය තවදුරටත් සඳහන් කර සිටියේ.

views

258 Views

Comments

arrow-up