JUN
27
බස් ගාස්තු ගැන තීරණය හෙට

ජුලි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හෙට(28) දිනයේ දී සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දන්වා තිබෙනවා.
ඒ අනුව හෙට පස්වරුවේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ මෙම විශේෂ සාකච්ඡාව සිදු කිරීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව පසුගියදා ඉහළ දැමූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය එදිනට ගැනීමට නියමිතයි.
220 Views
Comments