වසරකට පසු ගෝලීය කොරෝනා අගය පහතට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

වසරකට පසු ගෝලීය කොරෝනා අගය පහතට

වසරකට පසු ගෝලීය කොරෝනා අගය පහතට

වසරකට පසු ලෝකයේම අවම කොරෝනා මරණ වාර්තා විම ගතවූ සතියේ වාර්තා වීම විශේෂත්වයකි.

 

ප්‍රංශයේ පුවත් සේවයක් වාර්තා කරන්නෙ සැප්තැම්බර් 27 වනදා සිට ඔක්තෝබර් 03 වැනිදා දක්වා ලොව පුරා කොවිඩ් මරණ 53,247ක් වාර්තා වී ඇති බවයි.

 

මෙම දත්ත එක් එක් රටවල් නිකුත්කරන ජාතික නිළ දත්ත පදනම් කොට ගෙන විශ්ලේෂණය කොට ඇත.

 

ඒ අනුව ගෝලීය කොරෝනා වසන්ගතය අගෝස්තු මාසයේ සිට අඩුවීමක් පෙන්නුම් කරන බව සඳහන් වේ.

 

ලොව පුරා එන්නත් කරන වැඩසටහන් වල ප්‍රගතිය මෙම කොරෝනා අවම අගයට හේතුව ලෙස සැලකිය හැකිය.

views

669 Views

Comments

arrow-up