ටෝකියෝවේ ඔලිම්පික් උණුසුමත් සමග කොරෝනාවත් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

ටෝකියෝවේ ඔලිම්පික් උණුසුමත් සමග කොරෝනාවත් ඉහලට

ටෝකියෝවේ ඔලිම්පික් උණුසුමත් සමග කොරෝනාවත් ඉහලට

2020 ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ නුවර පිහිටි රෝහල් ආසාදිතයින්ගෙන් පිරීයමින් ඇතැයි විදෙස් වාර්තා පවසනවා. එම වාර්තාවල දැක්වෙන්නේ ටෝකියෝ නුවරින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති බවයි.

 

 

ඊයේ දිනයේදී පමණක් ටෝකියෝ නුවරින් කොරෝනා ආසාදිතයින් 3,177 දෙනෙකු හඳුනාගෙන තිබුණා. පවතින තත්ත්වය හමුවේ ටෝකියේ නුවර ආසන්න ප්‍රදේශ 03 කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නැයි එම ප්‍රදේශවල ආණ්ඩුකාරවරුන් රජයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

 

 

පවතින තත්ත්වය හමුවේ හැකිතාක් නිවෙස් තුළ රැඳී සිටින ලෙයසි ජපන් බලධාරීන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඔලිම්පික් තරග නැරඹීමට අවශ්‍ය නම් රූපවාහිනිය ඔස්සේ තරග නරඹන ලෙස ද බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.   
මේ අතර ඔලිම්පික් උළෙලේ ඊයේ දිනය නිමාවන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානය සමත් වූ තිබෙනවා. ඒ රන් පදක්කම් 13 සමගයි. චීනය දෙවන ස්ථානයෙත්, අමෙරිකාව 03 වන ස්ථානයෙත් පසුවනවා.

views

932 Views

Comments

arrow-up