60 හැවිරිදි වියේ පසු වූ අශීෂ් විද්‍යාර්ථි විවාහ වෙයි

60 හැවිරිදි වියේ පසු වූ අශීෂ් විද්‍යාර්ථි දෙවන වරටත් යුග දිවියට පිවිස තිබේ.
මීට මාස කිහිපයකට පෙර මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය සිනමාවේ සුපිරි නළුවෙකු වන අශීෂ් විද්‍යාර්ථි Rupali Barua නම් විලාසිතා නිර්මාණවේදිනියක් සමඟ විවාහ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අශීෂ් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ ප්‍රේමය ඉතා කලකට පෙර ඇතිවූවක් බවත් ඒ පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශ කරන බවයි.
එසේම මොවුන්ගේ විවාහ උත්සවය පවුලේ ළඟම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදුව තිබේ.
අශීෂ් යනු ලස්සන මිනිසෙකු බවත් ඔහු සමඟ ජීවත්වීම සතුටක් බවත් නව යුග දිවිය පිළිබඳව Rupali Barua අදහස් ප්‍රකාශ කර ඇත.
306 Views
Comments