දුම්රියේ හොරෙන් ගිය 129කට වැඩ වරදියි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

දුම්රියේ හොරෙන් ගිය 129කට වැඩ වරදියි

දුම්රියේ හොරෙන් ගිය 129කට වැඩ වරදියි

 

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් සැප්තැම්බර් මාසයේදී ප්‍රවේශපත් නොමැතිව ගමන්ගත් මගීන් 129 දෙනෙකුගෙන් දඩ මුදල් අයකර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ඒ අනුව එම මගින් එකසිය විසි නම දෙනාගෙන් රුපියල් හාරලක්ෂ දෙදහස් දෙසීය ක දඩ මුදලක් අය කර ගෙන ඇත.

 

සැප්තැම්බර් 08 වන දින සිට කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නොමැතිව ගමන් කරන  මගීන් සාමාන්‍ය පරිදි  පරීක්ෂා කිරීමට දුම්රිය ස්ථානාධිපති සමන් කුමාර මහතා දුන් උපදෙස් මත මෙම දඩ මුදල් අය කර ගෙන තිබේ.

 

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ පිටවීමේ දොරටු  දෙකක් ඇති අතර මෙම පරීක්ෂා කිරීම සිදු කොට ඇත්තේ විනිසුරු අක්බාර් මාවතේ පිහිටි පිටවීමේ දොරටුවෙන් පමණක් බවත් දුම්රිය ප්‍රකාශකයකු පැවසීය.

views

244 Views

Comments

arrow-up