විරෝධතාකරුවන් බලන්න අනුර පොලිසි යයි

අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ගේ සුවදුක් බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ(24) පස්වරුවේ මරදාන පොලිසිය වෙත ගොස් තිබෙනවා.
සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් අතරතුර දී විරෝධතාවයේ නිරත වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු විරෝධතාකරුවන් 83 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
විරෝධතාකරුවන් අතර භික්ෂූන් වහන්සේ දෙනමක් සහ කාන්තාවන් සිව් දෙනෙකු ද ඇතුළත්.
219 Views
Comments