දරුවන්ට ලැබෙන්න යන ආහාර වේල ප්‍රමාණවත් නෑ. දිනකට බත් ග්‍රෑම් 75යි.
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

දරුවන්ට ලැබෙන්න යන ආහාර වේල ප්‍රමාණවත් නෑ. දිනකට බත් ග්‍රෑම් 75යි.

දරුවන්ට ලැබෙන්න යන ආහාර වේල ප්‍රමාණවත් නෑ. දිනකට බත් ග්‍රෑම් 75යි.

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ලබාදීමට සැලසුම් කර තිබෙන ආහාර වේල ප්‍රමාණවත් නොවන බව පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය ප්‍රකාශ කරයි.

 

ඊට ප්‍රතිචාර ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ද සඳහන් කර ඇත්තේ පාසල් සිසුන්ට ලබා දීමට සැලසුම් කර ඇති ආහාර ප්‍රමාණය වැඩි කළ යුතු බව තමා ද පිළිගන්නා බවයි.

 

ලෝක ආධාර යටතේ පාසල් දරුවෙකුට දිනකට ‍ග්‍රෑම් 75ක බත් ප්‍රමාණයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන ඇති තීරණය පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය දැඩි ලෙස විවේචනය කරයි.

 

එම සංගමය ප්‍රකාශ කළේ ප්‍රධාන ආහාර වේලක් සඳහා ග්‍රෑම් 75ක බත් ප්‍රමාණයක් ලබාදීම ඉතාම විහිළු සහගත තත්වයක් බවයි.

 

views

291 Views

Comments

arrow-up