ඝාතනයකට අනුබල දුන් පිරිසක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගෝනහේන විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.
මෙම පිරිස පසුගිය 14 වැනි දින කැලණිය පට්ටිය හංදිය ගුරුකළ විද්‍යාලය අසල සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල ලබා දී ඇති බවයි හෙළි වී ඇත්තේ.
සැකකරුවන් අතර සිටින පිරිමි සැකකරුවන් දෙදෙනා වැල්ලම්පිටිය හා මෝදර උයන - කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර කාන්තාවන් දෙදෙනා මෝදර උයන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34 හා 37 යන වයස්වල පසුවන්නන්.
237 Views
Comments